සුවඳැල්

සුවඳැල්

මෘදු බව, ස්වභාවික සුවඳ, පහසුවෙන් දිරවන සුවිශේෂී සහල්. වසර ගණනාවක් තිස්සේ සංස්කෘතිකව අගය කළ සහල් වර්ගයකි.

වර්ණය

සුදු පැහැ / White-Ivory

සුවඳ

සුවඳ බහුල / Fragrant

බතේ ස්වභාවය

මෘදු / Soft

GI ලක්ෂණ

මැද්‍යම / Medium

සුවඳැල් සහල්වල ස්වභාවය

වර්ණය

Colour

මෙය කිරි සුදු පැහැති සහල් වර්ගයකි; polished rice වැනි චමක්කාර සුදු පැහැය නොව, ස්වභාවික පෝෂණය රැඳී ඇති milky white colour.

An ivory-white rice with a naturally milky colour rather than the shiny white of polished rice, because it retains its nutrients.

හැඩය

Shape

සහල් ඇටය සාමාන්‍යයෙන් සිහින් සහ කුඩා, පෙනුමෙන් අලංකාරයි.

Slender, small grains that give it an elegant appearance.

සුවඳ (සුවිශේෂී ලක්ෂණය)

Aroma

නම ලැබී ඇත්තේ මෙහි ඇති ස්වභාවික "සුවඳ" නිසාය; පිසින නොමැතිව පවා ඉතා ප්‍රසන්න සුවඳක් විහිදේ.

Named for its natural fragrance; even uncooked grains emit a pleasant aroma.

රසය

Taste

අනෙකුත් දේශීය සහල්වලට වඩා මෘදු සහ මිහිරි රසයකින් යුක්ත වේ.

Softer and sweeter than many other local varieties.

පිසූ පසු ස්වභාවය

Cooked grain

පිසූ පසු ඇටය වෙන් වෙන්ව (non-sticky) පවතින අතර ඉතා මෘදු වේ, ඕනෑම ව්‍යංජනයක් සමඟ ගැලපේ.

After cooking, the grains remain separate and soft, making it easy to pair with any dish.

සුවඳැල් සහල් භාවිතයට වඩාත්ම සුදුසු අය

මෙම සහල් වර්ගය පහත සඳහන් පුද්ගලයින්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ

කුඩා දරුවන් සහ බිළිඳුන්

Infants & Toddlers

ඉඳුල් කට ගෑමෙන් පසු දීමට සුදුසුයි; මෘදු ඇට ඉක්මනින් ජීර්ණ වේ.

Ideal as a first solid food for infants and toddlers—the soft grains are easy to swallow and digest.

රූපලාවන්‍යය ගැන සැලකිලිමත් වන අය

Beauty Conscious

ආයුර්වේදය අනුව මෙහි පෝෂණික ද්‍රව්‍ය සමේ පැහැපත්කම සහ දීප්තිය වැඩි කරයි.

According to Ayurveda, its nutrients help improve skin complexion and radiance.

අධික මානසික වෙහෙසක් ඇති අය

Those Under Mental Stress

ස්නායු පද්ධතියේ සෞඛ්‍යය වැඩිදියුණු කරන නිසා කාර්යාල සේවකයින්, සිසුන් සහ මානසික ආතතියෙන් පෙළෙන ඕනෑම කෙනෙකුට සුදුසුයි.

Nervous system health improvements make it suitable for office workers, students and anyone under mental stress.

ආහාර රුචිය අඩු පුද්ගලයින්

Those with Poor Appetite

විශේෂිත සුවඳ ආහාර රුචිය උත්තේජනය කරයි, ආහාර රුචිය අඩු අය හෝ රෝගයෙන් සුවය ලබන අයට උපකාරී.

The distinct aroma stimulates appetite, aiding those with poor appetite or recovering from illness.

ගර්භණී සහ කිරි දෙන මව්වරුන්

Pregnant & Nursing Mothers

මව සහ දරුවා දෙදෙනාටම සමබර පෝෂණය සහ ශක්තිය සපයයි.

Provides balanced nutrition and energy for mother and child.

සුවපහසු නින්දක් අපේක්ෂා කරන අය

Those Seeking Restful Sleep

සුවඳැල් සමඟ රාත්‍රී ආහාර ශරීරය ලිහිල් කර සුවපහසු නින්දක් ලබා ගැනීමට උපකාරී.

Dinner dishes with Suwadel help relax the body and promote restful sleep.

සුවඳැල් සහල්වල සෞඛ්‍ය ප්‍රතිලාභ

සුවඳැල් සහල් ශ්‍රී ලංකාවේ පුරාණ කාලයේ සිට රජවරුන්ගේ ප්‍රියතම ආහාරය ලෙස ප්‍රසිද්ධියට පත් විය

ස්නායු පද්ධතියේ සෞඛ්‍යය

Nervous System Health

සුවඳැල් සහල් ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය ආධාර කර නිසා මානසික ආතතිය අඩු කිරීමට සහ මනස සැහැල්ලු කිරීමට උපකාරී.

Supports nervous system function, helping reduce stress and promote calm.

සම සහ රූපලාවන්‍යය

Skin & Beauty

හෝර්මෝන සමතුලිතතාවය පවත්වා ගැනීමට උපකාර කර, සමේ පැහැපත්කම හා නිරෝගී බව රැකේ.

Helps balance hormones, promoting a healthy, radiant complexion.

ජීර්ණය පහසු කිරීම

Aids Digestion

ඉක්මනින් සහ පහසුවෙන් ජීර්ණ වන නිසා අජීර්ණ තත්ත්වයන් පාලනයට.

Digests quickly and easily, preventing bloating and indigestion.

ශරීර ශක්තිය වර්ධනය

Energy Boost

අඩංගු පෝෂ්‍ය පදාර්ථ ශරීරයට ක්ෂණික ශක්තියක් ලබා දෙයි, විශේෂයෙන් විඩාවට පත් අයට.

Natural nutrients provide instant energy, ideal for recuperation.

දියවැඩියාව පාලනය

Helps Control Diabetes

සාමාන්‍ය සුදු සහල්වලට වඩා සීනි මට්ටම් පාලනයට උපකාරී.

Better at regulating blood sugar than common white rice.

ප්‍රතිඔක්සිකාරක ගුණය

Antioxidant Properties

සිරුරේ විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට අවශ්‍ය ප්‍රතිඔක්සිකාරක බහුල.

Rich in antioxidants that help remove toxins.

වෛද්‍ය උපදෙස් සඳහා සෞඛ්‍ය වෘත්තිකයෙකු හමුවන්න

සුවඳැල් හැදීමේ ක්‍රම

රසවත් බතක් සඳහා මෙම පියවර අනුගමනය කරන්න

පොඟවන කාලය

1 h

ජල අනුපාතය

1:2

පිසීමේ කාලය

20-25 min

1

සහල් හොඳින් සෝදා ලිහිල් කරන්න

Wash the rice thoroughly.

2

පැය 1ක් පොඟවන්න

Soak for 1 hour.

3

සහල් 1ට ජලය 2ක් යොදන්න

Use 2 cups of water for every cup of rice.

4

මධ්‍යම ගින්දරේ මිනිත්තු 20–25ක් පිසින්න

Cook on medium heat for 20–25 minutes.

5

පිසූ පසු මිනිත්තු 5–10ක් විවේක දෙන්න

Let rest, covered, for 5–10 minutes.

💡 වැදගත් උපදෙස්

සුවඳැල් සහල්වල සුවිශේෂී සුවඳ රඳවා ගැනීමට, වියළි උඳුනක් සමඟ පිසීම උත්සාහ කරන්න.

වෙනත් සහල් වර්ගයක් බලන්න

පච්චපෙරුමාල්

පච්චපෙරුමාල්